බුද්ධාගමේ එවුන්ට අපි කලොත් තමයි රිදෙන්නේ.ළමයි ලවා සාරිපොට ඉස්සු මනමාලි කියන කතාව.

බුද්ධාගමේ එවුන්ට අපි කලොත් තමයි රිදෙන්නේ.ළමයි ලවා සාරිපොට ඉස්සු මනමාලි කියන කතාව.


ලොව දිගම සාරී පොට ලෙස ගිනස්‌ වාර්තාවක්‌ තැබීම සඳහා මනාලියකගේ සාරී පොට කිලෝමීටර් තුනක් සහ තවත් මීටර් දෙසීයක්‌ දුරට පාසල් දරුවන් යොදා අල්ලා ගැනීමට සලස්‌වා තිබූ අතර දරුවන් මේ සඳහා යොදාගෙන තිබුණේ දැඩි අව් රශ්මියක්‌ සහිත දහවල් කාලයේය. මේ සදහා තමා නමින් නම් කර තිබූ පාසලෙන් දරුවන් ලබා දුන්  මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායකද උත්සවයට සහභාගි වී සිටියේය.
කෙසේ වෙතත් සිදුවීමට අදාළ ඡායාරූප සමාජජාලා වල පළ වීමත් සමග එයට එල්ලව තිබුනේ දැඩි ප්‍රතිරෝධයකි. මනමාලියකගේ සාරී පොට එසවීමට අහිංසක දරුවන් අව්වේ දුක් විදීම ළමා අයිතිවාසිකම් මෙන්ම මානව අයිතිවාසිකම් කඩවීමක් ලෙසද ෆේස්බුක් සමාජජාලා ක්‍රීයාකාරීන් විසින් විවේචන එල්ල කර තිබුනි. මෙම සිදුවීමට නිසි පියවර ලබා නොගතහොත් මින් පසුව තමන්ගේ නිවෙස් වල වැඩ කරවා ගැනීමට පවා ඇතැම් පිරිස් පාසල් දරුවන් යොදා ගැනීමට ඉඩ තිබෙනා බවත් , සිදුවීම පිළිබදව ස්වාධීන පරීක්ෂනයක් අවශ්‍ය වන්නේ එම හේතුව නිසා බවත් ලෙසද සමාජජාලා ක්‍රියාකාරීන් වැඩි දුරටත් අදහස් දක්වා තිබුනා.
කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දැක්වූ ළමාරක්ෂක අධිකාරීයේ සභාපතිනිය පවසන්නේ විදුහල්පතිවරුන්ට අවශ්‍ය ලෙස අනවශ්‍ය කටයුතු සඳහා දරුවන් යොදා ගැනීමට ඉඩදිය නොහැකි බවයි.
සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මහ ඇමතිවරයා කිසිවක් මාධ්‍යයට ප්‍රකාශ නොකරන අතර පාසලේ විදුහල්පතිවරයා මින් පෙර මාධ්‍යයට කියා සිටියේ එම ගිනස් වාර්තාවට සිය පාසලේ දරුවන් ලබා දීම ආඩම්බරයට කරුණක් බවයි

මෙම විවාහය සදහා මෙලෙස පාසල් දරුවන් ගෙන්වා ගෙන තිබෙන්නේ  අලවතුගොඩ සරත් ඒකනායක විදුහලෙනි. මේ සදහා පාසල් දරුවන් 250ක් පමණ , පාසලේ සිට මහ පාරට රැගෙන ඇවිත් තිබූ අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක්‌ මත පරීක්‍ෂණ  ආරම්භ කළ බව ළමාරක්‍ෂක අධිකාරිය පවසනවා.
මෙම සිදුවීම පිලිබදව එම ගිනස් වාර්තාව පිහිටවූ මනමාලිය වූ සජිනි ප්‍රියංගිකා තම මිතුරෙකු සමග ෆේස්බුක් මගින් කල සංවාදයක් සමාජ ජාලා වෙත නිකුත් වී තිබෙනවා.එහිදී ඇය පවසන්නේ “බුඩිස්ට් එවුන්ට අපි දෙයක් කලොත් තමා රිදෙන්නේ” යනුවෙනි.එම පණිවුඩ හුවමාරුවේ ජයාරූප පහතින්..




No comments