දසුන් නිශාන් දක්ෂ කලාකරුවාගේ මරණයේ රහසක් හෙළිවෙයි.පටිගත වූ වීඩියෝවේන් සොයා ගැනුන රහස මෙන්න

දසුන් නිශාන් දක්ෂ කලාකරුවාගේ මරණයේ රහසක් හෙළිවෙයි.පටිගත වූ වීඩියෝවේන් සොයා ගැනුන රහස මෙන්න






පසුගිය දිනක අප අතරින් වෙන්ව ගිය දසුන් නිශාන් දක්ෂ කලාකරුවා ගැන විවිද කට කතා පවතිනවා..ඒ අතරින් මෙතෙක් හෙළි නොවූ දෙයක් හෙළිවී තිබෙනවා.මේ ඒ පිළිබඳවයි.මෙහි අයිතිය සහ උපුටා ගැනීම දිවයින පුවත්පත.
දසුන් සියදිවි නසාගෙන දින තුනකට පසු එක්‌තරා සමාජ වෙබ් අඩවි ජාලාවක්‌ වීඩියෝ පටයක්‌ නිකුත් කළේය. එහි රූප රාමු හඳුනා ගැනීමට නොහැකි අයුරින් බොඳකර තිබූ අතර එමගින් දිස්‌වූයේ තරුණයකු ගෙල වැලලා ගන්නා අයුරුයි. ඒ සමඟම එම වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ දසුන් ගෙල වැලලාගත් අවස්‌ථාවේ ගත් වීඩියෝ පටය එය බවයි. සම්පූර්ණයෙන්ම එය අසත්‍ය තොරතුරකි. ඒ මන්ද යත් එම වීඩියෝ පටය තවමත් මාධ්‍යය වෙත නිකුත් කර නොමැත.
තවත් එක්‌තරා වෙබ් අඩවියක්‌ සඳහන් කළේ දැනට විකාශය වන “රතු පිච්ච” ටෙලි නාට්‍යයේ දසුන් රඟපාන චරිතයෙන් ඔහුව ඉවත් කර ඇති බවත්, එය දැනගත් පසු මානසිකව ඇද වැටී දිවි නසාගත් බවයි. එයද අසත්‍ය ප්‍රවෘත්තියකි. “රතු පිච්ච” ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයාගෙන් ඒ පිළිබඳ විමසූ විට ඔහු පැවසුවේ එවැන්නක්‌ සිදු නොවූ බවයි.
මෙවැනි තවත් බොහෝ අසත්‍ය තොරතුරු, කටකතා දසුන් සහ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පැතිරුණි. ඒ සමඟම ජනප්‍රිය නිළි ශලනි තාරකා සම්බන්ධයෙන්ද එවැනි කතා රැසක්‌ පැතිරුණි.
එක්‌තරා වෙබ් අඩවියක්‌ සඳහන් කළේ ශලනි තාරකා, දසුන් මියගිය පසු ඔහුගේ දේහය බැලීම සඳහා ජනප්‍රිය නළුවකු වන කාවිංග පෙරේරා සමඟ අලුයම් කාලයක ගිය බවත්, එහිදී ඔවුන් දෙදෙනාව එතැන සිටි මිනිසුන් පන්නා ගත් බවත්ය. තවත් සමාජ වෙබ් අඩවි ජාලා රැසක ශලනි තාරකා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සහ කටකතා ප්‍රචාරය කර තිබුණි. ඒ සමඟම තවත් බොහෝ පිරිසක්‌ දසුන්ගේ මරණය සම්බන්ධයෙන් කෙළින්ම චෝදනා එල්ල කර තිබුණේ ශලනි තාරකාටය.
එම අසත්‍ය තොරතුරු සහ කටකතා කෙසේ වුවත් දසුන්ගේ මරණයට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ ශලනි තාරකා සමඟ තිබූ ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීම බවට සැකයක්‌ පවතී. එය දසුන් කිට්‌ටුවෙන්ම ආශ්‍රය කළ බොහෝ අය පවසති. ඒ සමඟම දසුන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිවෙක්‌ නොදැන සිටි තොරතුරක්‌ අපට අනාවරණය කර ගැනීමට හැකිවිය. එය මෙසේය.
දසුන් ගෙල වැලලා ගෙන මියගිය දින ශලනි තාරුකා සිටියේ පන්නිපිටිය ප්‍රදේශයේය. ඒ ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වෙමින්ය. දසුන්ද එය දැන සිටියේය.
ගෙල වැලලා ගැනීමට පැය කිහිපයකට පෙර සිට ඔහු ශලනි තාරුකාට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා ගත්තේය. එහෙත් කාර්ය බහුල සිටි ඇය ඒ කිසිදු ඇමතුමකට ඇය පිළිතුරු නොදුන්නාය.
ශලනි ගැන උමතු ආදරයකින් සහ දැඩි මානසික පීඩනයකින් සිටි දසුන් උත්සාහය අත්හැරියේ නැත. ඇයගේ ජංගම දුරකථනයට දිගින් දිගටම ඇමතුම් ලබා ගත්තේය. අවසානයේ දසුන්ගෙන් ගැලවුමක්‌ නොමැති බව දැනගත් ශලනි ඔහුගේ දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දුන්නාය.
එහිදී දැන ගන්නට ලැබෙන තොරතුරුවලට අනුව පළමුව දසුන්, ශලනි තාරකාට පවසා ඇත්තේ “තමන්ව අතහැර දමා නොයන ලෙසත්, ඉක්‌මනින්ම දික්‌කසාදය ලබා ගන්නා බවත්ය.”
ශලනි තාරකා ඒ වන විටත් එම ආදර සම්බන්ධතාව නවතා දමා ඇති බැවින් ඇය පවසා ඇත්තේ පසුගිය දේවල්වලින් වැඩක්‌ නැහැ. ඔයා දැන් හොඳින් ඉන්න” කියාය.
දසුන් එම පිළිතුරෙන් සෑහීමකට පත්වී නොමැත. ඔහු ඉතා හැඟුම්බරව යළි ශලනි තාරකාට පවසා ඇත්තේ “මට ඔයාව මැරෙනකම් ම අමතක කරන්න බැහැ. මම බැඳපු බව ඇත්ත. ඒත් මම හදවතින්ම ආදරේ කළේ ඔයාට. ඔයා වෙනුවෙන් මම මේ ලෝකෙම එක්‌ක වුණත් සටන් කරනවා…” මුලින්ම මම බැඳලා කියලා කිව්වනම් ඔයා මට කැමැති වෙන්නේ නැහැ. ඒකයි මම ඒක ඔයාට හැංගුවේ. මට ඕන වුණේ කොහොම හරි ඔයාගේ ආදරේ ලබා ගන්න. දැන් මගේ මුළු ජීවිතේම ඔයා විතරයි. මට ඔයා නැතිව එක මොහොතක්‌වත් ඉන්න බැහැ. මගේ පපුවෙ තියෙන වේදනාව දන්නේ මම විතරයි. කවුරු මොනවා කීවත් මට වැඩක්‌ නැහැ. මම ඔයාට හදවතින්ම ආදරෙයි. මාව කිසි දිනක දාලා යන්න හිතන්න එපා. මට ඒ දුක දරාගන්න බැහැ… එලෙස තම සිතේ තිබුණ ආදරය සහ විරහ වේදනාව දසුන් ශලනිට පවසන්නට ඇත.
ශලනි යළිත් පැවසුවේ “දැන් ඒ පරණ කතාවලින් වැඩක්‌ නැහැ. මම හිත හදාගෙන ඉන්නෙ. ඔයත් හිත හදාගෙන හොඳින් ඉන්න” කියාය.
ශලනිගේ එම වචන දසුන්ට දරා ගැනීමට නොහැකි විය. ඔහු දිගින් දිගටම කල්පනා කළේය. ශලනිගෙන් තොර ලෝකයක්‌ ගැන ඔහුට සිතීමටවත් නොහැකි විය. ශලනිගේ ආදරය යළි හිමි නොවුණොත් අනිවාර්යෙන්ම ජීවිතය නැති කරගැනීමට ඔහු තීරණය කරන්නට ඇති.
දසුන් යළි ශලනිට පැවසුවේ “ඔයා අද මාව බලන්න නාවොත් එල්ලිලා මැරිලා ජීවිතය නැති කර ගන්නවා කියාය. ඔහු කිහිප වරක්‌ම එය ශලනිට පැවසුවේය. දසුන් මේ දිනවල ඉන්නේ ලොකු අවුලකින් බවද ඇය දැන සිටියාය. එම නිසා තම පරණ පෙම්වතා මුණගැසී යථාර්ථය තේරුම් කරදීමට ඇය සිතා ගත්තාය. මම එන්නම් ඔයාව බලලා යන්න. හැබැයි විකාර වැඩ කරන්න එපා. මම කියන දේ අහලා හොඳින් ඉන්න…” ඇය පැවසුවාය.
පන්නිපිටියේ තමා නැවතී සිටින කුලී නිවස වෙත ශලනි එන බව දැනගත් පසු දසුන් තරමක්‌ සතුටු වුණේය. ඔහුට වුවමනා වූයේ ආදරය වෙනුවෙන් තමා දිවිනසා ගන්නා බව බොරුවට හෝ පෙන්වා යළි ශලනිගේ ආදරය ලබා ගැනීමටය. පැය ගණනක්‌ බලා සිටියේය. ශලනි පැමිණියේ නැත. ඔහුගේ සිත තවත් අවුල් විය. ශලනි තමා බැලීමට නොපැමිණියහොත් අනිවාර්යෙන්ම දිවි නසා ගන්නා බවට මානසිකව අවුල් වී සිටි ඔහු තීරණය කළේය.
ශලනි පැමිණි පසු දිවි නසා ගැනීමට උත්සාහ කළ බව පෙන්වීමට අවශ්‍ය වටපිටාවද ඔහු විසින් සකසා ගත්තේය. යළි දිගින් දිගටම ඇමතුම් ලබා ගත්තත් ශලනි පිළිතුරු ලබා නොදුන්නාය.
දසුන් සමඟ එම නිවසේ තවත් නළුවන් දෙදෙනකු නතරවී සිටියේය. එම එක්‌ නළුවෙක්‌ ගෘහභාණ්‌ඩ විකුණන ආයතනයකින් මේසයක්‌ ඇණවුම් කර තිබුණි. එම ආයතනයේ පිරිසක්‌ එදිනම මේසය
රැගෙන දසුන්ලා පදිංචි නිවස වෙත පැමිණියහ. දොර ජනෙල් වසා ඇති නිසා ඔවුහු කිහිපවරක්‌ ඉදිරිපස දොරට තට්‌ටු කළේය.
නිවස ඇතුළේ සිටි දසුන් සිතුවේ ශලනි පැමිණ ඇති බවයි. ඔහු බොරුවට එල්ලී මැරීමට සූදානම් විය. ඒ සඳහා අවශ්‍ය සියලු දේ ඔහු පෙර සිටම සූදානම් කර තිබුණි. පැමිණියේ ශලනිද යන්න සැක හැර දැන ගැනීම සඳහා දසුන් හොර රහසේම ජනේලයකින් එබිකම් කළේය.
පුදුමයකි. පැමිණ සිටියේ ශලනි නොව වෙනත් පිරිසකි. ඔහු නිශ්ශබ්දව සිටියේය. එම පිරිස සුළු මොහොතක්‌ එම ස්‌ථානයේ රැඳී සිට ආපහු ගියහ. බලාපොරොත්තු සුන්වූ දසුන් තවත් අසරණ විය. සිතේ තිබුණ කේන්තියට නිවසේ තිබූ බඩුමුට්‌ටු පොළවේ ගසා කුඩු පට්‌ටම් කළේය.
ශලනි කිසි දිනක යළි තමාව බලන්න නොඑතැයි ඔහුට සිතෙන්නට ඇති. ඇය ගැන උමතු ආදරයකින් සිටි ඔහුට ජීවිතයම එපා විය. තවත් ජීවත් වන්නේ කවුරු වෙනුවෙන්ද යන්න ඔහු සිතුවේය. එම නිසා දැඩි විරහ වේදනාවකින් සහ මානසික පීඩනයකින් සිටි ඔහු ගෙල වැලලාගෙන සියදිවි නසා ගත්තේය.
මේ කිසිවක්‌ නොදත් ශලනි තම පරණ පෙම්වතා නැවතී සිටින කුලී නිවස වෙත පැමිණියාය. ඒ වචන කිහිපයක්‌ කතා කර ඔහුගේ සිත සැනසීමටයි. දුර තියාම නිවසේ සියලුම දොර ජනේල වසා ඇති බව ඇය දුටුවාය. එහෙත් දසුන් නිවස තුළ සිටින බව පවසා තිබුණ හෙයින් ඇය නිවස තුළට එබිකම් කළාය. එක්‌වරම දුටු දෙයින් ඇය මහත් සේ බියට පත්වූවාය. සිරුර වෙව්ලන්නට පටන් ගත්තේය. ඉහළට ගත් හුස්‌ම පොද පහළ හෙළීමට අමතක විය.
තත්ත්පර කිහිපයකට පසු දසුන් ගෙල වැලලාගෙන ඇති බව ඇයට අවබෝධ වන්නට ඇත. වහාම එතැනින් පැනගත් ඇය එම ප්‍රදේශයේම ටෙලි නාට්‍ය රූගත කළ ස්‌ථානයට පැමිණියාය. ඒ වන විට එම ස්‌ථානයේ ජනප්‍රිය නළුවන් දෙදෙනකු සිටියහ. ඒ කාවිංග පෙරේරා සහ රවීන්ද්‍රයි. එම දෙදෙනා ශලනිගේ හොඳම යහළුවන් වූහ. බියෙන් වෙව්ලමින් සිටි ශලනි එම නළුවන් දෙදෙනාට තමා දුටු දෙය ගැන පවසන්නට ඇති. එය අසා ඔවුන්ද අන්දමන්ද විය. පසුව ඇයගේ සිත සැනසූ ඔවුන් දෙදෙනා වහාම දසුන් පදිංචිව සිටි කුලී නිවස වෙත පැමිණියාහ. ඒ වන විට දසුන් සමඟ එම නිවසේ පදිංචි වී සිටි තවත් නළුවකු පැමිණ තිබූ අතර ඔහු එම සිද්ධිය පොලිසියටද දන්වා තිබුණි.
ඒ අයුරින් අපට අනාවරණය වූ තොරතුරුවලට අනුව දසුන් ගෙල වැලලාගෙන සිටින අයුරු මුලින්ම දැක ඇත්තේ ඇයගේ පරණ පෙම්වතිය වූ ශලනි තාරකාය. එහෙත් එම සිද්ධිය පිළිබඳ විමසා බැලීමට ශලනි තාරකාගේ 0777—- දරන ජංගම දුරකථන අංකයට අපි කිහිප වරක්‌ම ඇමතුම් ලබා ගත්තද ඇය එයට ප්‍රතිචාර නොදැක්‌වූවාය.
අවසානයේ ශලනි තාරකාගේ හොඳම යහළුවකු වන ජනප්‍රිය නළු කාවිංග පෙරේරාට දුරකථන ඇමතුමක්‌ ලබාදී අපගේ අවශ්‍යතාව පැවසුවේය. එවිට ඔහු පැවසුවේ ශලනිගෙන් විමසා පිළිතුරක්‌ ලබාදෙන බවයි. එහෙත් ඔහුගෙන්ද පිළිතුරක්‌ නොලැබුණි. ඉන්පසු කිහිප වරක්‌ අපි ඔහුගේ ජංගම දුරකථනයටද ඇමතුම් ලබා ගත්තෙමු. ඔහුද කිසිදු ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත.
එය එලෙස සිදු වෙද්දී අවස්‌ථා කිහිපයකදීම ශලනි තමාගේ සිත තුළ තියෙන දුක විවිධ අයුරින් තම ෆේස්‌ බුක්‌ ගිණුම හරහා ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව ඇය දසුන් වෙනුවෙන් කවි පන්ති කිහිපයක්‌ ලියා තිබුණේ මෙලෙසින්ය.
“ඉක්‌මන් වුණා වැඩිද මන්දා
කියා සිතුණා දස දහස්‌ වාරයක්‌
නික්‌ම යන්නට සිතුවෙ ඇයි නුඹ
ලොවට දැන් එය ප්‍රශ්නයක්‌
නුඹේ දුක නැහැ කෙනෙක්‌ ඇසුවේ
වැරැදි නෑ නුඹ රත්තරං
අපේ පවකට අප හමුවුණේ
අයිති වූ පසු ඇයට නම්
ඇයගෙ ලොව තුළ නුඹ කුරුටු ගෑ
පැරැණි ගී හරි රස ඇති
ඇයත් දන්නැති මාත් දන්නැති ලොවට
ඔබ අප ගෙන යන්නැති
අසීමිත ප්‍රේමයක්‌ වපුරා
මගේ හද නුඹ ගත් හැටි
මුළාවක්‌ වුව ඔබේ ප්‍රේමය
සදාකල් වින්දෙත් නැති
හැර ගියත් නුඹ යළි නොඑන ලෙස
තරහ වෙනු බෑ කිසි දිනේ
මුළු ලොවම අද නඟන හඬකට
තනිවම පිළිතුරු නැහැ හිතේ
සසරෙ මතුදින කිසිම දේකට
ඉක්‌මන් නොවී ඉනු මා වගේ
දරනු බැරිවුව දරාගනු නුඹ
මඟ ඇරුනු මා සිත වගේ
හීනවල හිඳ කියන හැඟුමන්
අදත් මට මී පැණි වගේ
රැවටුවත් නුඹ එදත් මා සිත
ආදරෙයි මං පණ වගේ
නාඩා ඉඳ නුඹ සැනසෙන්න දැන්
එයයි නුඹ ඉක්‌මන් කළේ
ලොවේ ගැරහුම් දරා ගන්නම්
ඔබෙ නමින් මියෑදෙන වෙලේ
පරාජිත නොව නුඹ විඳපු දුක
ලොව නුඹේ නොවේ
නිදාගනු ප්‍රිය, ලොවෙන් හැංගී
සැනසීම ගෙන මා එන දිනේ…
දසුන් සහ ශලනි අතර ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටුණු පසු ඇය
“හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගේ බොළඳ වෙලා
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා…”
යන ගීතයේ සම්පූර්ණ පද පේළිය තම ෆේස්‌ බුක්‌ ගිණුමේ දමා තිබුණි. එය දමා දින දෙකකට පසු එනම් ජුලි 19 වැනි දින “මිනිසුන්ට මේ තරම් බොරු කරන්න, බොරුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද? කියා අසා තිබුණි.
“පෙති පුරා සුවඳ විහිදුණු
අනන්තයේ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන
ඒ ලොවේ යළි හමුවෙමු”
නිරෝෂා විරාජිනී විසින් ගයන මේ ගීතයේ පද රචනය කර ඇත්තේ ශලනි තාරුකාය. එම ගීතයේ අර්ථය සරලව ගතහොත් කියෑවෙන්නේ කසාද බැඳපු තරුණයෙක්‌ කසාද නොබැඳපු බව පවසා තරුණියක්‌ රවටන අයුරුයි. දසුන් සහ ශලනිගේ ප්‍රේම සම්බන්ධතාවද එවැන්නකි. බොහෝ අය පවසන්නේ ශලනි තාරකා තම අත්දැකීම ගීතයට නඟා ඇති බවයි.
තවත් දිනක එනම් පසුගිය මස විසිහත් වැනිදා ඇය තම පෞද්ගලික ෆේස්‌ බුක්‌ ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණි. “ඔයා වෙනුවෙන් ගිරිය කඩන් කෑගහන එකෙක්‌ හරි ඔයාගේ දුක අහන්න එදා හිsටියා නම් අද ඔයා තාමත් ජීවත් වෙනවා දසුන්”
දසුන් මියගොස්‌ දවස්‌ හතක්‌ සපිරෙන දින ඇය කැලණි පන්සල් ගොස්‌ තිබුණි. ඒ දසුන් වෙනුවෙන් ආගමික වතාවත් වල යෙදීමටයි. එදිනම ඇය තම ෆේස්‌ බුක්‌ ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණි.
“අදට ඔයා ගිහින් දවස්‌ 7 යි. ඔයාව මෙතන දාලා ගියාට පස්‌සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ… හැමදාම හිතන්නේ හෙට උදේ නැඟිටිද්දී ඔයා කෝල් කරයි කියලා. තාම මේක හීනයක්‌ වගේ. හැබැයි අපි ආයේ හමුවෙනවාමයි…. ඉන්න තැනක සතුටින් ඉන්න…” – ඔයාගේ ආදරේ
ආදරයේ වේදනාව දරා ගැනීමට නොහැකිව මානසිකව ඇද වැටී දිවි නසාගත් ජනප්‍රිය නළු දසුන් නිෂාන් ද සිල්වා ගැන ඔහුගේ පෙම්වතිය වූ ශලනි තාරකා එලෙස තම පෞද්ගලික ෆේස්‌ බුක්‌ ගිණුමේ සටහන් කර තිබුණේ ආදරයේ වේදනාව ඇයටද දැනෙන නිසා වන්නට ඇති.
අවසන් වරට ඇය පසුගිය තුන්වැනිදා (03 දා) තම පෞද්ගලික ෆේස්‌ බුක්‌ ගිණුමේ දමා තිබුණේ මෙම කවි පංති කිහිපයයි.
නොදැන හෝ කළ වරදකට අද
ෂී යෑයි උන් මට කියනවා…
එහෙම බැන බැන කතාවට
උන් ස්‌වර්ගය පතනවා
ඇත්ත හොඳට දත් එවුන් අද
අනේ නිහඬව ඉන්නවා
කිසි කතාවක්‌ නොඅසාම ලොව
නුඹ විනිශ්චය කරනවා
දෙනෝ දාහක්‌ ගැටෙන නගරයේ
මිදී ඈතට දුවනවා
ලොවට උත්තර බැහැ බඳින්නට
අනේ පව් නුඹ සිතෙනවා
හත් දොහක්‌ යන්නත් කලින් දැන්
මව් බිරින්දෑ වැනෙනවා
අඩුම කුඩුමත් බෙදා ගන්නට
උනුන් කෙහෙවලු කඩනවා
නුඹ පරිස්‌සම් කරල දුන් මහ
ආදරේ මට වටිනවා
නුඹ දමා ගිය අමු සොහොන ළඟ
තනිව මං අද අඬනවා.

No comments